
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෙනගාලයේ ඩකාර් හි පැවැත්වෙන 2026 යොවුන් ඔලිම්පික් ක්රීඩා උළෙල (Youth Olympic Games) සඳහා රට නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 5 දෙනකු ඇතුළත් 11 දෙනකුගෙන් යුත් නිල සංචිතයක් ශ්රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් නම් කරනු ලැබ තිබේ.
නිල මාධ්ය නිවේදනයට අනුව, මෙවර යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්රී ලංකාව මලල ක්රීඩා, පිහිනුම්, බැඩ්මින්ටන් සහ ටයිකොන්ඩෝ යන ක්රීඩා ඉසව් හතරක් යටතේ තරඟ වැදීමට නියමිතය.
ඒ සඳහා තෝරාගත් ක්රීඩක ක්රීඩිකාවන් 5 දෙනා පහත පරිදි වේ.
ජී. ඩී. ලහිරු අචින්ත – මළල ක්රීඩා, පිරිමි මීටර් 1500
ජූලි ඩී. හෝප් – පිහිනුම්, කාන්තා මීටර් 50 නිදහස් ආර
තාරික් සී. බ්ලක් – පිහිනුම්, පිරිමි මීටර් 200 නිදහස් ආර
නෙත්මි ඒ. රත්නායක – බැඩ්මින්ටන්, කාන්තා ඒකල
අෂෙන් එන්. පුංචිහේවා – ටයිකොන්ඩෝ, පිරිමි කිලෝග්රෑම් 48
මීට අමතරව, මෙම සංචිතයට පුහුණුකරුවන් තිදෙනකුද ඇතුළත් වන අතර, පී. ඊ. අසිත රිශාන්ත ධර්මරත්න (මළල ක්රීඩා), ඒ. ජී. ජීවක පෙරේරා (පිහිනුම්) සහ එම්. ඊ. රසික ධර්මප්රිය (ටයිකොන්ඩෝ) එම ධුර සඳහා නම් කර ඇත.
තවද, එච්. ආර්. චන්ද්රිකා ද සිල්වා නිලධාරිනියක ලෙසත්, රයාන් වීරකෝන් මෙහෙයුම් ප්රධානී ලෙසත්, ගයාන් නිමන්ක මාධ්ය සම්බන්ධීකාරක ලෙසත් කටයුතු කරනු ඇත.
අප්රිකානු මහද්විපයේ යොවුන් ඔලිම්පික් ක්රීඩා උළෙලක් පැවැත්වෙන පළමු අවස්ථාව ලෙස 2026 ඩකාර් යොවුන් ඔලිම්පික් උළෙල ඉතිහාසයට එක්වන අතර, මලල ක්රීඩා, ජල ක්රීඩා, පිති සහ දැල් ක්රීඩා (Racket sports) සහ සටන් කලාවන් නියෝජනය කරමින් මෙරට තරුණ ක්රීඩක ක්රීඩිකාවෝ මෙහිදී සිය දස්කම් දැක්වීමට සූදානමින් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart