November 1, 2026

අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ රක්ෂිතයක් තුලදී තවත් හස්තියකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ. මෙම ඝාතනය වෙඩි තැබීමකින් සිදු කර ඇති බව වාර්තා සටහන් කරයි.

සුවිශේෂී ආරක්ෂාවක් ලබා දෙන බවට රජය විසින් මිට පෙර ප්‍රකාශයට පත්කර තිබුණු හස්තීන් 13 දෙනාට අයත් නොවන ඇතකු මෙලෙස ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසින් සැකකරන්නේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලංකේශ්වර නමින් හදුන්වන හස්තියා බවයි.

දින දෙකකට පමණ පෙර මරා දමා ඇති මෙම හස්තියාගේ එක් දළයක් කපාගෙන ගොස් ඇති බවද වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.