
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ මතය ඇතුළත් කරමින් ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද විශේෂ ලිපිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් අද (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රසිද්ධියට පත්කරන ලදී.
අදාළ ලිපිය මගින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ව්‍යවස්ථා සංශෝධනය සිදුනොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් සෘජුවම ඉල්ලා ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සුජීව සේනසිංහ සඳහන් කළේ,
“මේ ලිපිය සොයාගැනීමටත් නොහැකිව තිබුණේ. යම් ආකාරයකින් මට මෙය ලැබුණා. මේ ලිපියෙන් උන්වහන්සේලා කෙලින්ම අදහස් දක්වා තියෙනවා… රට ගමන් කරන්නේ කොතැනටද යන්න උන්වහන්සේලාට හොඳින් අවබෝධ වෙනවා.”
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනවලට අනුව අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 ලෙස සටහන්ව ඇති බවත්, එම වයස් සීමාව ඉහළ නැංවීමට රජය මේ ආකාරයෙන් කටයුතු කිරීම සුදුසු නොවන බවත් මහා නාහිමිවරුන් අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇති බව මන්ත්‍රී සේනසිංහ වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart