
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සහ උග්‍ර ඖෂධ හිඟයක් මධ්‍යයේ ඔහු නිතර විදේශ සංචාරවල නිරතවීම ඉතා බරපතළ සැකයකට තුඩුදෙන බව සමගි ජන බලවේගය පෙන්වාදෙයි.
අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිව රටම දුක් විඳිද්දී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාගේ මෙම අද්භූත විදේශ සංචාර පිටුපස ඇති අරමුණ පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශය හෝ අමාත්‍යාංශයේ කිසිවකු නොදන්නා බව සජබ ප්‍රධාන කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කළේය.
සෞඛ්‍ය ඇමැතිවරයාට (කෙහෙළිය රඹුක්වැල්ලට) සහ ඔහුගේ අභ්‍යන්තර කවයට හදිසි ඖෂධ මිලදී ගැනීම්වලට පාර කැපෙන පරිදි ඖෂධ හිඟයක් ඇති කිරීමට වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා වක්‍ර ලෙස සහාය දෙන්නේද යන්න පිළිබඳව සැකසහිත බවට හිටපු මන්ත්‍රීවරයා චෝදනා කළේය.
“ඖෂධ ආනයනය කර සැපයීමට වෛද්‍ය සැපයුම් අංශයට බලය තිබෙනවා. ඒ නිසා එහි අධ්‍යක්ෂවරයාට විශාල වගකීමක් තිබෙනවා. එහෙත්, වත්මන් අධ්‍යක්ෂවරයා අවශ්‍ය සෑම අවස්ථාවකම රටේ නැහැ. ඔහු ඒ වෙනුවට විදේශගතව සිටිනවා. මුළු රටම අවුල්වෙලා තියෙද්දි මේ ගමන් ගැන අපිට හරිම සැකයි. ඔහු පමණක් නෙවෙයි සෞඛ්‍ය ඇමැතිවරයාත් රටේ නැහැ. ඒ නිසා වෛද්‍ය සැපයුම් අංශයේ අනෙකුත් නිලධාරීන් නියමිත වේලාවට තීරණ ගැනීමේදී ගැටලුකාරී තත්ත්වයකට පත්වෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart