
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව විසින් දැඩි අවධානයක් යොමුකර ඇති චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂි යාන් 6’ මෙරට වරායන් වෙත පැමිණීමට ශ්‍රී ලංකාව අනුමැතිය ලබා දී ඇති නමුත් එය මෙහෙයුම් සිදුකරන සාගර ප්‍රදේශය සම්බන්ධයෙන් තවමත් එකඟතාවයක් නොමැති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාව විසින් නෞකාව නැංගුරම් ලෑම සඳහා කොළඹ වරාය යෝජනා කළ නමුත් තවමත් අවසන් නිගමනයකට පැමිණ නොමැති බව මූලාශ්‍රය පවසයි.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මෙම චීන නෞකාවට සිය පාර්ශ්වයෙන් මෙතෙක් කිසිදු අවසරයක් ලබාදී නොමැති බවයි.
වාර්තා සඳහන් කරන ආකාරයට ‘ෂි යාන් 6’ සඳහා අවසරය ලබාදී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාශය විසිනි.
මෙම නෞකාව රුහුණු විශ්වවිද්‍යාලය සමග එක්ව මෙරට බටහිර මුහුදු තීරයේ පර්යේෂණවල නිරතවීමට සූදානම් බව ප්‍රකාශ කෙරී ඇත.
මේ අතර චීනය විසින් ශ්‍රී ලංකාව සමග අත්සන් කරන ලද රහසිගත සමුද්‍ර කටයුතු පිළිබඳ ගිවිසුමක් පිළිබඳවද තොරතුරු අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart