
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැඩි විරෝධතා මධ්‍යයේ රටින් පළාගිය බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ඉන්දියාවේ බටහිර බෙංගාලයට පියාසර කළ බව වාර්තා වේ.
මේ අතර, වෙනත් වාර්තා කියා සිටියේ ඇය ත්රිපුරයේ අගර්තාලා වෙත ගොඩ බසින ලද බවයි.
විශේෂ රැකියා කෝටාවක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් බංග්ලාදේශයේ විරෝධතා හටගත් අතර ඒවා මාරාන්තික මට්ටටමක් දක්වා ව්‍යාප්ත විය.
ෂෙයික් හසීනා සහ ඇගේ බාල සොහොයුරිය වන ෂෙයික් රෙහානා සඳුදා සවස 2:30ට පමණ හෙලිකොප්ටරයකින් බංගබාබන් සිට පිටත්ව ගොස් තිබිණි.
ඔවුන් ආරක්ෂිත ස්ථානයකට ළඟා වූ බව AFP පුවත් සේවය වාර්තා කර තිබේ.
ඔවුන් ඉන්දියාවේ බටහිර බෙංගාලයට යන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩකා ට්‍රිබියුන් වාර්තා කර තිබිණි.
බංගලාදේශ අගමැතිනිය මේ වන විටත් එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart