
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ පළමු DNA පරීක්ෂණ වාර්තාව දැනටමත් ලැබී ඇති බව නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ පසුගිය 26 වැනිදා යළි කැඳවූ අවස්ථාවේදී, මහේස්ත්‍රාත්වරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පවසා සිටියේ දෙවැනි DNA පරීක්ෂණ වාර්තාවද ඉදිරියේදී ලැබීමට නියමිත බවයි.
මෙම ආන්දෝලනාත්මක නඩුව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ කේෂානි විජේසිංහ ප්‍රථම වතාවට අධිකරණය හමුවේ පෙනී සිටියාය. එහිදී ඇය අවධාරණය කර සිටියේ, පොලීසිය විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතු පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ සෘජු අධීක්ෂණයෙන් පසුවන බවයි.
නඩු විභාගය සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ සෘජුවම සම්බන්ධ වී සිටියාය. සිද්ධිය
සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන පිළිබඳව තම අධිකාරිය දැඩි ලෙස පසුපසින් සිටින බව ප්‍රකාශ කළ සභාපතිනිය, දැනට නිකුත් වී ඇති ප්‍රථම DNA පරීක්ෂණ වාර්තාවේ පිටපතක් තම අධිකාරිය වෙත ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
සභාපතිනියගේ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, නියමිත ගාස්තුවලට යටත්ව, අදාළ DNA පරීක්ෂණ වාර්තාවේ සහතික කළ පිටපතක් ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත මුදාහරින ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වාර්තා ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart