
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේය.
රෝයල් පාර්ක් ඝාතන චූදිත දොන් සාමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ පෙත්සම්කරුට මෙලෙස රුපියල් මිලියනයක් ගෙවන ලෙස අධිකරණය විසින් නියම කෙරිණි.
පෙත්සම්කාර, කාන්තා සහ මාධ්‍ය සාමූහික සංවිධානය එම මුදල් භාරයේ තබාගෙන අපරාධවලට ගොදුරු වූ කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් වියදම් කළ යුතු බවත්, මෙම තීන්දුවෙන් මාසයක් ඇතුළත මෙම මුදල ගෙවිය යුතු බවත් අධිකරණය තීන්දු කළේය.
රෝයල් පාක් ඝාතන චූදිත දොන් සාමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අත්තනෝමතික බවත්, එය නීතියෙන් වලංගු නොවන බවත් අවධාරණය කරමින් විධායක ජනාධිපතිවරයාගේ සමාවේ විෂය පථයට අදාළ තවත් සුවිශේෂී තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රකාශ කළේය.
ඒ අනුව, සාමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ලබාදී තිබූ ජනාධිපති සමාව ඉවත් කිරීමට එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉහත වගඋත්තරකරුට ජනාධිපති සමාව ලබාදෙමින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart