
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව නම් කර සිටි සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා ඇතුළු සැකකරුවන් හයදෙනා නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කර තිබේ.
2022 මැයි මාසයේ පැවැති ජන අරගලයේදී මෙම නිවසට ගිනි තබා විනාශ කර තිබූ අතර, ඊට අදාළව මොවුන් සැකකරුවන් ලෙස නම් කර තිබිණි. මීට පෙරද නීතිපති උපදෙස් මත මෙම නඩුවේ සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන තිබිණි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා ඇතුළු ඉතිරි සැකකරුවන් හයදෙනා නිදහස් කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
එමෙන්ම, මාස 29 ක පමණ කාලයක් තිස්සේ පනවා තිබූ මෙම නඩුවට අදාළ සැකකරුවන් 29 දෙනාගේම විදේශ ගමන් තහනම ඉවත් කිරීමටද අධිකරණය මෙහිදී නියෝග කළේය.
අධිකරණ තීන්දුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල සඳහන් කළේ, දීර්ඝ නීතිමය ක්‍රියාවලියකින් පසු තමන්ට පූර්ණ නිදහස හිමිවීම පිළිබඳව සතුටු වන බවයි. එමෙන්ම මෙම නඩු කටයුතු පුරා තමන්ට ශක්තියක් වූ සිය පියා, මෙම සතුටුදායක අවස්ථාව දැකබලා ගැනීමට පෙර ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව තමන් දැඩි කනගාටුවට පත්වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart