
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සිනමාවේ දැවැන්ත චරිතයක් වූ, නිළි රැජින ලෙස විරුදාවලිය ලද මාලනී ෆොන්සේකාගේ ජීවිත කතාව අලලා ජයන්ත ධර්මදාස විසින් නිෂ්පාදනය කරන ‘රැජිනියේ‘ චිත්‍රපටය සම්බන්ධයෙන් මාලනී ෆොන්සේකාගේ පවුලේ සාමාජිකයන් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
රංගන ශිල්පිනි සමනලි ෆොන්සේකා එම නිවේදනය සිය සමාජ මාධ්‍ය ගිණුමේ පල කර තිබුණාය.
එහි දැක්වෙන්නේ පවුලේ සාමාජිකයන්ට නොදන්වා චිත්‍රපටයේ රෑගත කිරීම් ආරම්භ කර ඇති බවයි.
තිරපිටපත පවුලේ සාමාජිකයන් වෙත ලබා දෙන බවට දුන් පොරොන්දුව අමු අමුවේ උල්ලංඝනය කරමින් සහ මාලිනී ෆොන්සේකා යන නාමය ප්‍රචාරණ කටයුතු සඳහා බාල ලෙස භාවිත කරමින්, ‘රැජිණියේ’ චිත්‍රපටයේ රූගත කිරීම් අත්තනෝමතික ලෙස ආරම්භ කර ඇතැයි සමනලී චෝදනා නගා තිබේ.
”මාලිනී ෆොන්සේකාගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සැම නොසලකා හරිමින් සිදු කළ මෙම අතිශය සදාචාර විරෝධී, වංචනික ක්‍රියාව පවුලේ සාමාජිකයන් දැඩිලෙස හෙළා දකින බව එහි සඳහන් වේ.
තම මුළු ජීවිත කාලයම සිනමා කලාව වෙනුවෙන්ම කැප කළ ශ්‍රේෂ්ඨ කලාකාරිනියකගේ ජීවිතය, ඇගේ මරණයෙන් පසුව මෙලෙස සුළු පිරිසකගේ පටු උන්නතිය උදෙසාත්, වාණිජ පරමාර්ථ උදෙසාත් අවභාවිත කිරීම සමස්ත කලා ක්ෂේත්‍රයේම ආචාර ධර්මයන්ට පටහැනි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart