
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන විසින් නගන ලද චෝදනා පදනම් කරගනිමින්, නෙත් එෆ් එම් ජනමාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
නෙත් එෆ්එම් සහ තවත් ජනමාධ්‍ය ආයතන කිහිපයක් විසින් ප්‍රචාරය කර ඇතැයි කියන අසත්‍ය ප්‍රවෘත්ති වාර්තාවක් හේතුවෙන් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවට චෝදනා කරමින් ඇමැතිවරයා පැමිණිල්ලක් ගොනුකර තිබේ.
ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා නෙත් එෆ් එම් මාධ්‍යවේදීන් අද පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා තිබේ.
මෙම පියවර හෙළා දකිමින් විපක්ෂ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ එය ජනමාධ්‍ය නිදහස කඩකිරීමක් බවයි.
ජනමාධ්‍යවේදීන්ට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමට මැදිහත් වන ලෙස ඔහු වැඩිදුරටත් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඇමැති බන්දුල ගුණවර්ධනගේ පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෙත් එෆ් එම් ප්‍රතිචාර දක්වා ඇත්තේ, එම විකාශනය අතරතුර හුවමාරු වූ අදහස් වෘත්තීය සමිති නායකයකුගේ අදහස් මිස සිය ජනමාධ්‍ය ආයතනයේ හෝ එහි ජනමාධ්‍යවේදීන්ගේ අදහස් නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart