
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සහ අන්තර්ජාතික ප්‍රතිරූපය ඉහළ නැංවීමේ අරමුණින් Miss Universe තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ ඇති හැකියාව පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
අමාත්‍ය විජිත හේරත්, Miss Universe සංවිධානයේ ගෝලීය සම්බන්ධීකරණය පිළිබඳ උප සභාපතිනී ඔලිවියා කීඩෝ (Olivia Quido), 2020 ලෝක විවාහක රූ රැජිණ සහ Caroline J Global Holdings සමාගමේ නිර්මාතෘ හා සභාපතිනී කැරොලින් ජූරි, මෙන්ම එම සමාගමේ සම-නිර්මාතෘවරුන් සහ අධ්‍යක්ෂවරුන් වන නිශාන් දීපාල් සහ කුසල් පෙරේරා යන පිරිස සමඟ මෙම හමුව පවත්වා ඇත.
විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම අන්තර්ජාතික රූ රැජිණ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුකරවා ගැනීමට විශාල අවස්ථාවක් හිමිවන බවයි.
එමෙන්ම මෙවැනි විශාල මට්ටමේ අන්තර්ජාතික උත්සවයක් සංවිධානය කිරීම තුළින් ප්‍රමුඛ පෙළේ ගෝලීය වැඩසටහන් පැවැත්විය හැකි ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart