
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිලිනොච්චියේ ඉදිකිරිම සඳහා පසුගියදා අනුමත කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය දූෂණය වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයා චෝදනා කරා ඇත්තේ, මෙම ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියාව පදනම් කරගත් සමාගමක් සමඟ ඇති කර ගත් බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම දූෂණයෙන් පිරී පවතින බවයි.
අදාළ ඕස්ට්‍රේලියානු සමාගම වන United Solar Group (USG) සමඟ ඇති ගිවිසුම අනුමත කිරීමට පෙර රජය නිසි ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය නොකළ බවද ඔහු පෙන්වාදෙයි.
ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ මෙම චෝදනා එල්ල වන්නේ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා ගෲප් සමඟ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹීමට මේ සතියේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීමෙන් පසුවය.
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපාරය විසින් මෙගාවොට් 1500ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළේය.
ඩොලර් මිලියන 1,727 ක සෘජු විදේශ ආයෝජනයකින් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපනය කරන බවද හෙතෙම අනාවරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart