
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වන අලි විශාල ප්රදේශ පුරා සැරිසරන බැවින් මාස ගණනාවක් තිස්සේ නෙත ගැටෙන්නේ නැතුව සිටිය හැකි බව ජ්යෙෂ්ඨ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරියකු උපුටා දක්වමින් Daily Mirror වාර්තා කරයි.
කෙසේවෙතත් එම නිලධාරියා සඳහන් කර ඇත්තේ, මහසෙන් නැමැති හස්තියා පසුගිය මාස තුන පුරා දැකගැනීමට නොහැකි වීම මත, එම සත්වයාට අනතුරක් සිදුවී ඇති බව අනිවාර්යයෙන්ම අදහස් නොවන බවයි.
අතුරුදහන් වී ඇති බව කියන මහසෙන් ඇතා පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස කළ ප්රකාශයට පිළිතුරු දෙමින් එම නිලධාරියා මේ බව පවසා ඇත.
වන අලීන් කිසියම් වෙන්කරන ලද නිශ්චිත ප්රදේශයක පමණක් නොසිටින අතර, උන් රංචු පිටින් හෝ තනිව දිනකට කිලෝමීටර් ගණනාවක් ගමන් කරයි. ඇතැම් අලින් නැවත දැක ගැනීමට ලැබීමට පෙර මාස ගණනාවක් තිස්සේ නෙත ගැටෙන්නේ නැතිව සිටිය හැකි බවද ඔහු සඳහන් කර තිබේ.
පසුගිය මාස තුන පුරා මහසෙන් ඇතා දැක ගැනීමට නොලැබුණද, ඌට යම් අනතුරක් සිදුව ඇති බවට කිසිදු තොරතුරක් වනජීවී නිලධාරීන්ට ලැබී නොමැති බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.
“කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව සහ සමාජ මාධ්යවල හුවමාරු වූ හැඟීම්බර සටහන් සහ වීඩියෝ හමුවේ ජනතාව අලින් පිළිබඳව ඉතා සංවේදී වී සිටිනවා. සෑම අවස්ථාවකදීම පුද්ගලික කනස්සල්ල මත පදනම්ව අලින් ඇතුළු සෑම සතෙකුම දෙසම බැලීමට වනජීවී දෙපාර්තමේන්තුවට පමණක් තනිවම කළ නොහැකියි. අපට සිටින්නේ සීමිත කාර්ය මණ්ඩලයක්. අලින් පසුපස නිරන්තරයෙන් ගමන් කිරීම ප්රායෝගික නැහැ” ඔහු ප්රකාශ කර තිබේ.
මේ අතර, පරිසර අමාත්යාංශයේ ඉල්ලීමකට අනුව මහසෙන් ඇතා සහ අනෙකුත් අලින් ඇතුළුව අනතුරුදායක තත්වයන්ට මුහුණදී සිටින අලි ඇතුන් මුදාගැනීම සඳහා වනජීවී නිලධාරීන්ට සහාය වීමට ත්රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ රට පුරා ප්රදේශ කිහිපයක යොදවා ඇත.
අනුරාධපුර වේවැල්කැටිය ප්රදේශයෙන් බේරාගත් අලි පැටවකු වැඩිදුර ප්රතිකාර සඳහා පණ්ඩුලගම පශු වෛද්ය ඒකකය වෙත ගෙනගොස් ඇති අතර, පසුව පුනරුත්ථාපනය සඳහා උඩවලව අලි සංක්රමණික මධ්යස්ථානය වෙත මාරුකර යවා ඇති බව අමාත්යාංශය පැවසීය.
පොළොන්නරුව ගල්ලෑල්ල ප්රදේශයේ අසරණ වී සිටින අවුරුදු හතක් පමණ වයසැති අලියකු පිළිබඳවද වනජීවී නිලධාරීන් විමසිල්ලෙන් පසුවේ.
සමන්තුරේ ප්රදේශයේ අසරණ වී සිටින තවත් අලි පැටවකු කෙරෙහිද අවධානය යොමු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart