
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට ඉන්දීය මුම්බායි නගරයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් බ්‍රහස්පතින්දා සයිෆ් අලි ඛාන්ගේ නිවසට ඇතුළුවුණු නාඳුනන පුද්ගලයකු සහ ඔහු අතර ඇති වූ ගැටුමකදී සැකකරු ඛාන්ට පිහිපහර 06 ක් එල්ලකර තිබිණි.
සිද්ධියෙන් අනතුරුව සයිෆ් අලි ඛාන් රෝහල්ගත කළ අතර ශල්‍යකර්මයකට ලක්කිරීමෙන් පසුව ඔහු මේ වනවිට සුවය ලබමින් සිටියි.
බන්ද්‍රා හි ඉහළ ප්‍රදේශයේ පිහිටි සයීෆ් අලී ඛාන්ගේ නිවසේ තිබූ සීසීටීවී දර්ශන පොලිසිය විසින් ලබාගෙන ඇති අතර, මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ ප්‍රහාරය සොරකමක් සිදුකිරීමට පැමිණි අවස්ථාවකදී එල්ලවූවක් විය හැකි බවයි.
එහෙත් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා සයිෆ් අලී ඛාන්ගේ නිවසට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයාද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව ද පැවසේ.
සයිෆ් අලී ඛාන්ගේ නිවසේ සේවය කරන හෙදියක පොලිසියට ලබාදුන් ප්‍රකාශයක් උපුටා දක්වමින් බීබීසීය අදාළ සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කර තිබේ.
එම වාර්තාවේ දැක්වෙන්නේ, සයිෆ් අලී ඛාන්ගේ පුත්‍රයාව රැකබලා ගන්නා එලියාමා පිලිප් නමැත්තිය දරුවාගේ කාමරයේ සිටියදී රාත්‍රියේ නාන කාමරයේ දොර අසල මිනිසෙකුගේ සෙවනැල්ලක් තමා මුලින්ම දුටු බව පොලිසියට පවසා ඇති බවයි.
ඇය පවසා ඇති පරිදි එම පුද්ගලයා එක් අතකින් ලීයක් වැනි යමක් සහ තවත් අතකින් දිගු පිහියක් වැනි දෙයක් අල්ලාගෙන සිට ඇත.
අනතුරුව එම පුද්ගලයා කිසිඳු ශබ්දයක් නොකිරීමට ඔවුන් දෙදෙනාට පැවසූ බවත් රුපියල් මිලියන 10ක් ඉල්ලා සිටි බවත් ඇය පවසා ඇත.
එහිදී ඇතිවූ පොරබැදීමකදී අදාළ කාන්තාව තුවාලා ලබා ඇති අතර ඇය එම ස්ථානයෙන් පළාගොස් තිබේ.
එමෙන්ම කාන්තාව පොලීසියට පවසා ඇත්තේ එම කලබලය ඇසී සයිෆ් අලී ඛාන් සහ ඔහුගේ බිරිඳ කරීනා කපූර් කාමරයට දිව ආ බවයි.
එහිදී සැකකරු ඛාන්ට පහර දී නිවසින් පළාගිය බව ද ඇය පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart