
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සඳහන් කළේය.
හෙතෙම මේ බව පෙන්වාදුන්නේ පසුගියදා සිංගප්පූරුවේ දී පැවති 20 වන ෂැංග්‍රිලා සංවාදය අමතා විශේෂ දේශනයක් සිදු කරමිනි.
ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුවක් වන ෂැංග්‍රිලා සංවාදය පසුගිය ජූනි 02 වනදා සිට 04 වනදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්විණි.
ජූනි 02 වනදා ආරම්භ වූ සමුළුවේ ප්‍රධාන දේශනය ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඉන්දියාව, ඕමානය, ප්‍රංශය, පාකිස්ථානය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක ප්‍රමුඛ පෙළේ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ.
ස්ථාවර සහ සමතුලිත ආසියා පැසිෆික් කලාපයක් ඇති කිරීම, කලාපීය ගැටලු විසඳීම, ආසියාවේ සමුද්‍රීය ආරක්ෂාවේ විකාශනය, ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද නායකත්වය ඇතුළු විවිධ තීරණාත්මක භූ-දේශපාලනික ගැටළු පිළිබඳව මෙම සමුළුවේ දී අවධානය යොමු කෙරිණි.
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවධානය යොමු කරමින් සිය දේශනය සිදු කළ සාගල රත්නායක, ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය ද පැහැදිළි කළේය.
මහා බලවතුන්ගේ එදිරිවාදිකම් සහ බාහිර ගැටුම් ඉන්දියන් සාගරයෙන් බැහැරව තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ හෙතෙම නාවික ගමනාගමනය සහ ගුවන් ගමන්වල නිදහස ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය පැහැදිළි කළේය.
මේ අතර සිංගප්පූරු විදේශ ඇමැති විවියන් බාලක්‍රිෂ්ණන් ඇතුළු ෂැංග්‍රිලා සංවාදය සඳහා එක්ව සිටි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් කිහිපදෙනකු සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සාගල රත්නායක කටයුතු කළේය.
සිංගප්පූරු විදේශ ඇමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම සහතික කළ හෙතෙම, පසුගිය අභියෝගාත්මක කාලවකවානුවේ දී සිංගප්පුරුව ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳව කෘතඥතාව පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart