
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ උපදේශක රුවන් විජයවර්ධන අද නයිරෝබි නුවරදී ආරම්භ වන අප්‍රිකානු දේශගුණ සමුළුවට සහභාගි වීම සඳහා කෙන්යාවට පැමිණ සිටියි.
එම සමුළුව සැප්තැම්බර් 06 වැනිදා අවසන් වේ.
එම සංචාරයේ පවතින විශේෂත්වය වන්නේ රුවන් විජයවර්ධන මෙහිදී නියෝජනය කරන්නේ, කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ විසින් ආරාධනා කරන ලද ජනාධිපති වික්‍රමසිංහ වීමය.
කෙන්යාවේ පැවැත්වෙන අප්‍රිකානු දේශගුණ සමුළුව, අප්‍රිකානු මහාද්වීපයේ මෙන්ම ගෝලීය වශයෙන් දේශගුණික විපර්යාස අභියෝගවලට මුහුණ දීම අරමුණු කරගත් සාකච්ඡා සහ සහයෝගීතා සඳහා තීරණාත්මක වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.
ශ්‍රී ලංකාව ද එවැනි වැදගත් සාකච්ඡාවල නිරත වීමට සහ දේශගුණික ක්‍රියාමාර්ග සඳහා වන සිය කැපවීම බෙදාගැනීමට ඇති අවස්ථාව ඉතා ඉහළින් අගය කරන බව ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart