
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියාව ඉදිරි දශකය තුළ සඳ මෙහෙයුම් අභ්‍යවකාශ වැඩසටහනක් සහ ඒකාබද්ධ රුසියානු-චීන පර්යේෂණ මධ්‍යස්ථානයක් සඳහා සඳ මත න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීමට සැලසුම් කරන බව වාර්තා වේ.
1961 දී සෝවියට් අභ්‍යවකාශගාමියකු වන යූරි ගගාරින් අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා බවට පත්වීමෙන් පසු, රුසියාව අභ්‍යවකාශ ගවේෂණයේ ප්රමුඛ බලවතකු වීමට උත්සහ දරමින් සිටින නමුත් මෑත දශක කිහිපය තුළ එය එක්සත් ජනපදයට චීනයට පසුපසින් සිටියි.
2023 අගෝස්තු මාසයේදී එහි මිනිසුන් රහිත ලූනා -25 යානය සඳ මත ගොඩබෑමට උත්සාහ කරන අතරතුර සඳ මතුපිටට කඩාවැටීමෙන් රුසියාවේ අභිලාෂයන්ට දැවැන්ත පහරක් එල්ලවිය.
රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ සංස්ථාව වන රොස්කොස්මොස් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, 2036 වන විට චන්ද්‍ර බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, එය සිදුකිරීම සඳහා ලැවොච්කින් සංගමයේ අභ්‍යවකාශ සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කළ බවත්ය.
රෝවර්, නිරීක්ෂණාගාරයක් සහ ඒකාබද්ධ රුසියානු-චීන අන්තර්ජාතික චන්ද්‍ර පර්යේෂණ ස්ථානයේ යටිතල පහසුකම් ඇතුළුව රුසියාවේ සඳ මෙහෙයුම් වැඩසටහනට බලය සැපයීම මෙම බලාගාරයේ අරමුණ බව රොස්කොස්මොස් පවසයි.
බලාගාරය න්‍යෂ්ටික වනු ඇතැයි රොස්කොස්මොස් පැහැදිලිව ප්‍රකාශ නොකළ නමුත් සහභාගීවූවන් අතර රුසියානු රාජ්‍ය න්‍යෂ්ටික සංස්ථාව වන රොසැටම් සහ රුසියාවේ ප්රමුඛ න්‍යෂ්ටික පර්යේෂණ ආයතනය වන කුර්චටොව් ආයතනය ඇතුළත් වූ බව එහි සඳහන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart