
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මළල ක්‍රීඩා වංශකතාවේ අලුත් පිටුවක් පෙරළීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබේ.
ඒ, ලෝක මළල ක්‍රීඩා සංගමයේ (World Athletics) නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රමුඛතම ස්ථානය (පළමු ස්ථානය) දිනා ගනිමිනි.
ප්‍රසාද ලකුණු 1354ක් ලබා ගනිමින් ඔහු මෙම ඓතිහාසික ජයග්‍රහණය හිමිකරගෙන ඇත.
මළල ක්‍රීඩා ඉතිහාසය තුළ ලෝක ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයට පැමිණි එකම සහ ප්‍රථම ශ්‍රී ලාංකික මළල ක්‍රීඩකයා වන්නේ ද රුමේෂ් තරංග වීම විශේෂත්වයකි.
මෑත කාලීනව අන්තර්ජාතික තරගාවලි රැසකදී දක්වන ලද ඉහළ දක්ෂතා සහ ස්ථාවර ප්‍රගතිය මෙම විශිෂ්ට සිහිනය සැබෑ කර ගැනීමට ඔහුට මහත් පිටිවහලක් විය.
මෙම අසමසම ජයග්‍රහණයත් සමඟ සමස්ත ශ්‍රී ලංකාවටම මෙන්ම මළල ක්‍රීඩා ක්ෂේත්‍රයට ද ඔහු අතිමහත් ගෞරවයක් අත්කර දී ඇත.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart