
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශුද්ධෝත්තම පාප් වහන්සේ රෝහල්ගත කර තිබේ.
බ්‍රොන්කයිටිස් රෝගයෙන් පෙළෙන පාප් වහන්සේ සිකුරාදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කරනු ලැබුවේ උන්වහන්සේගේ සහභාගී වූ රැස්වීමකදී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වූ බවට වාර්තා වීමෙන් අනතුරුවය.
රෝහල්ගත කිරීමෙන් පසු ඉදිරි දින කිහිපය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය නියමිත වැඩසටහන් අවලංගු කර ඇති බව වතිකානුව පැවසීය.
සිකුරාදා සවස නිවේදනයක් නිකුත් කරමින් වතිකානුව පැවසුවේ, නරක අතට හැරෙන බ්රොන්කයිටිස් හේතුවෙන් පාප් වහන්සේ රෝහල්ගත කර ඇති බවත්, පළමු රෝග විනිශ්චය පරීක්ෂණවලින් ‘ශ්වසන ආසාදනයක්’ පෙන්නුම් කර ඇති බවත්ය.
ඒ අනුව, සෙනසුරාදා(අද) ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන් සැලසුම් කර තිබූ පාප් වහන්සේගේපැමිණීම අවලංගු කර ඇති අතර, ඉරිදා ශාන්ත පීතර බැසිලිකාවේ දේව මෙහෙය ඒ වෙනුවට කාදිනල් ජෝස් ටොලෙන්ටිනෝ ද මෙන්ඩොන්සා විසින් පවත්වනු ඇත. සඳුදා සිනෙසිටා චිත්‍රපට චිත්‍රාගාරය වෙත යෑම ද අවලංගු කර ඇත.
88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිකුරාදා රෝහල්ගත කිරීමට පෙර රැස්වීම් කිහිපයක් පැවැත්වීය. ඒ අතරට CNN ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් තොම්සන් සමග වූ සාකච්ඡාවද ඇතුළත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart