
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුරුණෑගල සිට මාතලේ දෙසට යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටි මිතුරන් දෙදෙනකු මාතලේ, යටවත්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරු දෙකකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පළමු අනතුර සිදුව ඇත්තේ යටවත්ත, වීර පරාක්‍රම විද්‍යාලය අසල පිහිටි බුදු මැදුර ඉදිරිපිටදීය. එහිදී එක් මිතුරකු පැදවූ යතුරුපැදියක් වේගය පාලනය කර ගත නොහැකිව බුදු මැදුරේ ගැටී ඇති අතර, ඉන් පෞද්ගලික අංශයේ සේවය කළ 28 හැවිරිදි තරුණයකු බරපතළ තුවාල ලබා ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ පිටුපසින් වෙනත් යතුරුපැදියකින් පැමිණි ඔහුගේ 24 හැවිරිදි මිතුරා වහාම ක්‍රියාත්මක වී, තුවාල ලැබූ සිය මිතුරා ත්‍රිරෝද රථයකට නංවා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, තුවාලකරු රැගත් ත්‍රිරෝද රථය පිටුපසින් සිය යතුරුපැදිය ධාවනය කරමින් සිටි එම විශේෂ කාර්ය බලකා නිලධාරියා ද යටවත්ත, ඇහැටුවැව ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක සහ අසල තිබූ විදුලි කණුවක ගැටී අනතුරට ලක්ව ඇත. එම අනතුරින් 24 හැවිරිදි විශේෂ කාර්ය බලකා නිලධාරියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර, පළමු අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු 28 හැවිරිදි තරුණයා ද ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ යටවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart