
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව අයවැය ප්‍රතිපාදන යටතේ ඔලිම්පික් පදක්කමක් සඳහා රුපියල් මිලියන 100ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව තහවුරු කරමින්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය උදෙසා රජය සතු කැපවීම ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යළිත් අවධාරණය කර තිබේ.
ක්‍රීඩා අරමුදල් සහ අයවැය වෙන්කිරීම් සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
“2027 වසරේදී ඔලිම්පික් තරගාවලියක් නොපැවැත්වෙන බව අපි දන්නවා; ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කරන්නේ ඔලිම්පික් පැවැත්වෙන කාලය නොදැන නෙවෙයි. නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ පොරොන්දුවක් ලෙසත්, ජයග්‍රහණය කළ පසු ඒ ගැන කතා කරනවා වෙනුවට අපට එය පහසුවෙන් ලබා දීමට හැකි වන පරිදි අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස් කර ප්‍රතිපාදන වෙන් කරමින් අපි මෙය ප්‍රතිපත්තියක් බවට පත් කරමින් සිටිනවා. ඒ නිසා, 2027, 2028 හෝ 2030 වේවා, ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම තරගාවලියක් සඳහා මෙම ත්‍යාග මුදල පිරිනැමීමට හැකි වන පරිදි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර, අපි ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා.”
මෙය හුදු කොන්දේසි සහිත පොරොන්දුවක් නොව ස්ථිර ප්‍රතිපත්තිමය තීරණයක් බව අවධාරණය කළ අමාත්‍යවරයා, ප්‍රධාන පෙළේ අන්තර්ජාතික ක්‍රීඩා ඉසව් සඳහා ත්‍යාග මුදල් බෙදා හැරීම තහවුරු කිරීම පිණිස අවශ්‍ය කැබිනට් පත්‍රිකා සහ මූල්‍ය ප්‍රතිපාදන සකස් කර ඇති බව පැහැදිලි කළේය.
ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් 21,000 සිට 111,000 දක්වා වූ මාසික පෝෂණ දීමනා ලබා දෙන ‘මිෂන් ඔලිම්පික්’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක සුබසාධන වැඩපිළිවෙළ මෙන්ම, පුළුල් කළ විදේශ පුහුණු අවස්ථා සහ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු පෙන්වා දුන්නේය.
සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය සඳහා යළි ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය සහ අනුරාධපුරයේ නව කෘත්‍රිම ධාවන පථයක් සඳහා අරමුදල් වෙන් කිරීම වැනි ප්‍රාග්ධන වියදම් භාවිතය සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සම්බන්ධයෙන් යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මහජන බදු මුදල් ආරක්ෂා කිරීමට සහ අතීතයේ පැවති දූෂිත ක්‍රියා පිළිවෙත් තුරන් කිරීමට ටෙන්ඩර් පටිපාටි දැඩි විනිවිදභාවයකින් යුතුව සිදු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart