
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් ග්‍රෑම් 236.3ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයකුට පනවා තිබූ මරණ දණ්ඩනය අභියාචනාධිකරණය විසින් අවලංගු කරනු ලැබීය. පොලිස් විමර්ශනයේ බරපතල අඩුපාඩු හේතුවෙන් එම වරදකරු කිරීම නීත්‍යානුකූලව තහවුරු කළ නොහැකි තත්ත්වයක පවතින බවත්, මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපතිවරයා විසින් සිදු කරන ලද වැටලීම “උපහාසාත්මක ක්‍රියාවක්” ලෙස සිදු කර ඇති බව පෙනී යන බවත් අධිකරණය නිරීක්ෂණය කළ අතර, අවසානයේදී සැකකරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.
අමල් රණරාජ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම අභියාචනයට අවසර දෙමින් තීන්දු කළේ, නඩුවේ අත්‍යවශ්‍ය කරුණු සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි.
2021 මැයි 05 වැනි දින මහනුවර ප්‍රධාන පෙළේ පාසලක් අසල සිදු කළ වැටලීමකින් අනතුරුව, හෙරොයින් ග්‍රෑම් 236.3ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු වූ ‘බුංගා’ හෙවත් වසන්ත විජය කුමාර යටවර නමැති විත්තිකරුට 2024 සැප්තැම්බර් 09 වැනි දින මහනුවර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබිණි.
එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය පෙන්වා දුන්නේ මෙම වැටලීම සිදු කළ ආකාරයේ බරපතළ අඩුපාඩු පවතින බවයි. විශේෂයෙන්ම ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ උප පොලිස් පරීක්ෂක එච්. එච්. මධුෂාන් මෙහෙයුමට අදාළ සමකාලීන සටහන් තබා ගැනීමට අපොහොසත් වී ඇති බව එහිදී සඳහන් විය. මත්ද්‍රව්‍ය වැටලීම් 400ක් පමණ සිදු කර ඇති බව කියන එම නිලධාරියා, මෙම මෙහෙයුම සඳහා පිටත්ව යන විට සිය පොලිස් සාක්කු සටහන් පොත රැගෙන නොගිය බවත්, අත්අඩංගුවට ගත් හෙරොයින් හැසිරවීම සහ භාරයේ තබා ගැනීම ඇතුළු වැදගත් සිදුවීම් කිහිපයක් සටහන් කිරීමට අපොහොසත් වූ බවත් පිළිගෙන තිබේ.
සමකාලීන සටහන් තබා ගැනීම පොලිස් රාජකාරියේ මූලික අවශ්‍යතාවක් බවත්, වැදගත් සිදුවීම් සටහන් කිරීමට අපොහොසත් වීම තුළින් පැමිණිල්ල විසින් විස්තර කරන ලද ආකාරයටම මෙම වැටලීම සැබවින්ම සිදුවූයේද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුවන බවත් අධිකරණය නිරීක්ෂණය කළේය.
එමෙන්ම, සැකකරු අත්අඩංගුවට ගැනීම සහ පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් සාක්ෂිකරුවන් දෙදෙනා ලබා දුන් සාක්ෂි අතර සැලකිය යුතු පරස්පරතා පවතින බව ද අධිකරණය හඳුනා ගත්තේය.
පොලිස් කණ්ඩායම සතුව අවශ්‍ය මුද්‍රා තැබීමේ උපකරණ තිබියදීත්, අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය එම ස්ථානයේදීම කිරා මුද්‍රා නොතැබුවේ මන්දැයි අධිකරණය ප්‍රශ්න කළේය.
හේතු දැක්වීමකින් තොරව සිදු වූ මෙම ප්‍රමාදයත්, නිසි පරිදි වාර්තා පවත්වා නොගැනීම සහ වෙනත් විමර්ශන දුර්වලතාත් හේතුවෙන් නඩු භාණ්ඩවල විශ්වසනීයත්වය සහ පැමිණිල්ලේ සිදුවීම් පෙළගැස්ම පිළිබඳව බරපතළ සැකයක් නිර්මාණය වී ඇති බව අධිකරණය තීරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart