
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (සිපෙට්කො) සහ ලංකා ඉන්දීය තෙල් සමාගමට (LIOC) අයත් ඉන්ධන හල් 1300කින් අලෙවිකරන සෑම ඉන්ධන ලීටරයකින්ම වැඩිපුර රුපියල් 07ක මුදලක් පාරිභෝගිකයන්ගෙන් වැඩිපුර අයකරන බව පාරිභෝගික අධිකාරියේ වාර්තා අනාවරණය කරයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය වෙත මේ වනවිටත් සැළකිව යුතු පැමිණිලි සංඛ්‍යාවක් වාචිකව ලැබී ඇතැයි එහි උසස් නිලධාරියෙක් සදහන් කළේය.
මෙරට ඉන්ධන ව්‍යාපාරයට එක්ව සිටින චීන සයිනොපෙක් සමාගම මඟින් ඉන්ධන අලෙවි කරන ඉන්ධන හල්වලින් සෑම ඉන්ධන ලීටරයක් රුපියල් හතක් අඩුවෙන් පාරිභෝගිකයින්ට අලෙවි කළත්, තෙල් සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගමට අයත් ඉන්ධන හල්වලින් අලෙවි කරන ඉන්ධන වලින් පාරිභෝගිකයන්ගෙන් ලීටරයකින් රුපියල් හතක මුදලක් අයකරන අතර, ඒ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිහඩව සිටින බවද හෙතෙම පැවැසීය.
චීන සයිනොපෙක් සමාගමට මෙරට ඉන්ධන හල් 150ක අයිතිය හිමිවී තිබුණත් ඔවුන් සිය ව්‍යාපාර ආරම්භ කර ඇත්තේ ඉන්ධන හල් 70ක පමණකි.
ඉන්ධන අලෙවි කිරීමේදී ඉන්ධන මිල ගණන්වල ඇති වී තිබෙන මෙම පරස්පරතාව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ, ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයද මේ පිළිබදව පැමිණිලි කර ඇති බවයි.
ඒ අනුව ඇමැති කංචන ව්ජේසේකර සහ නිලධාරීන් හා සංගමයේ නියෝජිතයන් හමුවී ඒ පිළිබදව සාකච්ඡා කළ බවද එම නිලධාරීයා කීය.
එහිදී ඇමතිවරයා කියා ඇත්තේ සංස්ථාවට අයත් ඉන්ධන හල්වල අලෙවි කරන ඉන්ධන මිල අඩුකළ නොහැකි බවයි.
මේ තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ට බලවත් අසාධාරණයක් සිදුවන නිසා, පාරිභෝගික අධිකාරිය මැදිහත්වී පාරිභෝගිකයන්ට සාධාරණය ඉටුකර දෙනු ඇතැයි පාරිභෝගියන් බලාපොරොත්තු වුවත්, පාරිභෝගික අධිකාරියට පමණක් එය සිදුකිරීම අභියෝගයක් වී තිබේ.
විදේශ සමාගම්වලට මෙරට ඉන්ධන ව්‍යාපාරයට ඉඩදෙමින් ගෙනා පනතට ප්‍රකාරව සමාගම් අතර ඉන්ධන මිල නියාමනයට ස්වාධීන නියාමන ආයතනයක් පත්කළ යුතු වුවත්, බලශක්ති අමාත්‍යාංශය එය නොසළකා කටයුතු කරන බවත්, යම් හෙයකින් විදෙස් සමාගම් අතිවිශාල ලාභ ලබාගැනීමේ අරමුණින් ඉන්ධන මිල වැඩිකළහොත් එය පාලනය කිරීමට නොහැකිවීමේ අවදානමක්ද මතුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart