
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩිජිටල් හෝ ස්මාර්ට් රියදුරු බලපත්‍ර හඳුන්වාදීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනට පවතින අර්ධ සන්නායක චිපයක් සහිත කාඩ්පතක් වෙනුවට QR කේතයක් සහිත රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇත.
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම නැවත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත භාරදීමෙන් පසු මෙම නව ඩිජිටල් රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමේ කටයුතු ඔක්තෝම්බර් 16 වැනදා ආරම්භ වූ බව
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ Daily Mirror වෙත පවසා ඇත.
මෙලෙස ඩිජිටල් රියදුරු බලපත්‍රය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් 11 වැනිදා ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුවයි.
පසුගිය වකවානුවේ පැවති ආර්ථික පසුබෑම නිසා ‘චිප් කියවීම් ඒකක'(Chip Reading Units) ආනයනය කිරීම දුෂ්කර වී ඇත.
එබැවින් කාඩ්පත් හිමියාගේ තොරතුරු කියවීම පහසු කිරීම සඳහා අර්ධ සන්නායක චිපය වෙනුවට QR කේතය කාඩ්පතේ මුද්‍රණය කිරීමට තීරණය කර තිබේ.
මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය සහ පොලිස් දෙපාර්තමේන්තුව සඳහා පමණක් QR කේතයේ තොරතුරු කියවීම සඳහා වෙනම ජංගම යෙදුමක් හඳුන්වා දී ඇත.
නව ස්මාර්ට් රියදුරු බලපත්‍ර කාඩ්පත්වලට රථවාහන වැරදි සඳහා ලකුණු ලබාදීමේ (demerit points) ක්‍රමය ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart