
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට පිහිටි බන්ධනාගාර පහක ඉකුත් දිනවල හටගත් උණුසුම් තත්ත්වයන් හේතුවෙන් රුපියල් මිලියන 225 කට අධික අලාභහානියක් සිදුව ඇති බව වාර්තා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැති ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභා රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
බන්ධනාගාර තුළ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරුණු අතර, රැඳවියන් අතර ඇති වන නොසන්සුන්කාරී හැසිරීම් පාලනය කරගැනීම සඳහා ඉදිරියේදී මනෝ වෛද්‍යවරුන්ගේ සේවය සක්‍රියව ලබාගැනීමට ද තීරණය විය.
පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරයෙන් ආරම්භ වූ මෙම නොසන්සුන්තාව පසුව අගෝස්තු 01 වැනිදා මහර බන්ධනාගාරයටත්, අගෝස්තු 06 වැනිදා කොළඹ නව මැගසින් බන්ධනාගාරයටත් පැතිර ගියේය.
එමෙන්ම අගෝස්තු 07 වැනිදා කුරුවිට බන්ධනාගාරයේ සහ පල්ලන්සේන තරුණ වැරදිකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ ද මෙවැනිම ගැටුම්කාරී තත්ත්වයන් හටගත්තේය.
මෙම සිදුවීම් අතරින් මීගමුව සහ මහර යන බන්ධනාගාර දෙකට වඩාත් දැඩි දේපළ හානි සිදුව ඇති බව ද මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart