
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී පවත්වා ඇත.
රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පසුගියදා ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයා කළ ආරාධනය පරිදි මෙලෙස ඔවුන්ගේ පළමු සභා වාරය ජනාධිපති කාර්යාලයේ දී පවත්වා ඇත.
විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයන් 152දෙනකු මීට එක්ව සිටී අතර කථානායකවරයා, අගමැතිවරයා ඇතුළු ඇමැති මණ්ඩලය තෝරා පත්කර ගැනීමෙන් පසුව මංගල සැසිවාරය ආරම්භ කර තිබේ.
ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු පිළිබද භාෂා ත්‍රිත්වයෙන්ම අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇත.
අභිනවයෙන් පත් වූ කථානායකවරිය භාෂා ත්‍රිත්වයෙන්ම සභාව මෙහෙයවීම විශේෂත්වයක් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ශිෂ්‍ය පාර්ලිමේන්තුව කථානායකවරයා හා පාර්ලිමේන්තු නිලධාරීන් සමග සම්බන්ධ වී කටයුතු කරයි.
මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ, ශිෂ්‍ය අවශ්‍යතාවන් පිළිබඳ යෝජනා සිය අභිමතය පරිදි කෙටුම්පත් කර ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව ශිෂ්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වාදී ඇත.
මෙය පාසලට හිමි වූ සුවිශේෂී අවස්ථාවක් බව පෙන්වාදී ඇති ජනාධිපතිවරයා, ඉන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා තිබේ.
එසේම රට ගොඩනඟන අනාගත නායකත්වය බිහිවන්නේ මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් බව සඳහන් කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අත්දැකීම් එම කටයුතුවලට මනා පිටිවහලක් වනු ඇති බවද සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart