
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උනන්දු බවත්, පළාත්වලට පොලිස් බලතල බෙදාහැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විවෘතව සිටින බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී. වී. විගේශ්වරන් පවසයි.
ජනාධිපතිවරයා සමග පැවැති 13වැනි සංශෝධනය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකින් අනතුරුව මන්ත්‍රීවරයා ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලද්දේ, රටේ පළාත් නවයටම අදාළව බලය බෙදීම සම්බන්ධයෙන් සොයාබැලීමට පංච පුද්ගල උපදේශක කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළකළ බවයි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ ජූලි 25 බදාදා විශේෂ පක්ෂ නායක සමුළුවක් කැඳවා තිබේ.
“ජනාධිපතිතුමා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උනන්දු වන බව මට පැහැදිලිව කියන්න පුළුවන්” යැයි විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා එහිදී පැවැසීය.
පොලිස් බලතල පිළිබඳ සාකච්ඡාවක් සම්බන්ධයෙන් තවදුරටත් සළකා බැලිය යුතු බව ජනාධිපති වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කළත්, කුමන ආකාරයේ පොලිස් බලතල ඉල්ලා සිටින්නේද යන්න බදාදා පැවැත්වෙන පක්ෂ නායක සමුළුවේදී සාකච්ඡාවට ගත හැකි බව, සඳුදා පැවති සාකච්ඡාවේදී තමන්ට පැවසූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart