
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එම පක්ෂයේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.
පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණදෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමුවිය යුතු බව රජය විශ්වාස කරන බවයි. ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
උතුරු සහ නැගෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලයක සිට මුහුණදෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මෙහිදි පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහිදී මන්ත්‍රීවරු මතුකළ ඇතැම් ගැටලුවලට ඉදිරියේදී විසදුම් ලබාදෙන ලෙස එම අවස්ථාවේදීම ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදී.
උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ඕනෑම ව්‍යාපෘතියකට තම පක්ෂයේ නොමඳ සහාය ලබාදෙන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී සඳහන් කළහ.
එසේම, ජාතිවාදයට එරෙහිව ආණ්ඩුව ගන්නා ඕනෑම තීරණයකට දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සහයෝගය දැක්වීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් පැවසුවේය.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරමින් සී.වී.කේ. සිවඥානම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. රාසමානික්කම්, පී. සත්‍යලිංගම් , ජී. ශ්‍රී නේෂන්, එස්. ශ්‍රී ධරන්, ටී. රවිහරන්, කේ. කෝඩීෂ්වරන්, කේ. එස්. කුගදාසන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart