
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන්ව නිල කාලය අවසන් වීමට පෙර තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රිකට් පරිවර්තන කමිටුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසයි.
තමන් ප්‍රමුඛ තේරීම් කමිටුව ඉවත් කළ ආකාරය නිසා සිය කීර්තිනාමයට හානි සිදු වූ බවත්, එමගින් විශාල මූල්‍යමය සහ වෘත්තීයමය පාඩුවක් සිදු වූ බවත් හෙතෙම සඳහන් කරයි.
තමන්ගේ කොන්ත්‍රාත් කාලය අත්තනෝමතික ලෙස අවසන් කිරීමට එරෙහිව මීට පෙර එන්තරවාසියක් යොමුකළද, ඊට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔහු පෙන්වාදෙයි.
2025 දෙසැම්බර් මාසයේදී පස්දෙනෙකුගෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වසර දෙකක කාලයක් සඳහා පත්කරන ලදී. එම කමිටුවට තරංග පරණවිතාන, ඉන්දික ද සේරම්, විනෝදන් ජෝන් සහ රසංජලී ද අල්විස් යන පිරිස ඇතුළත් විය.
කෙසේවෙතත්, ජාතික තේරීම් කමිටු ව්‍යූහයේ සිදුකළ ප්‍රතිසංස්කරණයකට අනුව 2026 මැයි මාසයේදී අදාළ කමිටුව වෙනස් කිරීමට කටයුතු කෙරිණි.
සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිඛිත පැහැදිලි කිරීමක් ඉල්ලමින් වික්‍රමසිංහ මහතා ඒ දිනවලම සිය නොසතුට පළ කර තිබුණි.
පසුගිය මැයි 21 වැනිදා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ වෙත ලිපියක් යොමුකරමින් ඔහු සඳහන් කර තිබුණේ, තේරීම් කමිටුව ප්‍රතිසංස්කරණය කිරීමට සහ සිය කොන්ත්‍රාත්තුව කල්වේලා ඇතිව අවසන් කිරීමට ගත් තීරණය පිළිබඳව තමන්ට වාචිකව පමණක් දැනුම්දුන් බවයි. එම තීරණය සහ ඊට හේතු වූ පරිපාලනමය කරුණු ලිඛිතව දැනුම්දෙන ලෙස ඔහු එහිදී ඉල්ලා සිටියේය.
එන්තරවාසියට ද යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන ලෙස තමන්ගේ නීතිඥවරුන්ට උපදෙස් දී ඇති බව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart