March 27, 2025

2025 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කර ඇති දිනයන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව, පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය අප්‍රේල් 22, 23 සහ 24 යන දිනවල සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ මැතිවරණ කාර්යාලවලදී පැවැත්වේ.

මේ අතර, ඉහත සඳහන් දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි අයට අප්‍රේල් 28 සහ 29 යන දිනවල එසේ කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.