
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බොරැල්ල, ලේක් ඩ්‍රයිව් ප්‍රදේශයේ පිහිටි නිවසකදී චීන ජාතිකයකුගේ නිවසක් කොල්ලකෑමේ සිද්ධියක් පිළිබඳව පසුගියදා ජනමාධ්‍ය වාර්තා කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
එම නිවේදනයෙන් කොමිෂන් සභාව පවසන්නේ, අදාළ පුද්ගලයන් කොළඹ වරාය නගරයට කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කීර්තිනාමයට සහ විශ්වසනීයත්වයට හානියක් විය හැකි අනවශ්‍ය සාවද්‍ය ප්‍රවෘත්තිවලට තුඩු දිය හැකි එවැනි සිදුවීම්වලට අදාළ තොරතුරු හුවමාරු කිරීමේදී සහ තහවුරු නොකළ තොරතුරු පතුරුවා හැරීමේදී අවධානයෙන් හා වගකීමෙන් කටයුතු කරන ලෙස කොමිසම ජනමාධ්‍ය, මහජනතාව සහ සියලු පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටී.
පිරමීඩ ගනුදෙනු ඔස්සේ විවිධ පුද්ගලයන්ගෙන් මහා පරිමාණයෙන් මුදල් වංචාකළ චීන ජාතිකයකු පිළිබඳව පසුගියදා අනාවරණය විය.
මෙම පුද්ගලයා තවත් චීන ජාතිකයින් පිරිසක් සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල පිරමිඩ ක්‍රමවල නිරතව සිට ඇති බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ව්‍යාජ මංකොල්ලයක් සම්බන්ධයෙන් මෙම සැකකරු, ඔහුගේ භාෂා පරිවර්තකයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පිරමීඩ ජාවාරමේ නිරත වූ තවත් චීන ජාතිකයින් 15 දෙනකු පළාගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart