
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
19 හැවිරිදි කාන්තාවක් සහ දින 17 ක් වයසැති ඇගේ නිවුන් ළදරුවන් ඝාතනය කරනු ලැබූ මිනිමැරුම් නඩුවක් විසඳීමට කේරළ පොලිසිය විසින් මුහුණු හඳුනාගැනීමේ නවීනතම තාක්ෂණය සහිත AI(කෘත්‍රිම බුද්ධිය සහිත) උපාංග භාවිත කර ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවලට අනුව 2006 වසරේදී අදාළ කාන්තාව සහ ඇගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනා ඝාතනය වූ අතර, පොලිසිය කඩිනමින් ක්‍රියාත්මක වී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් ලෙස දිවිල් කුමාර් සහ රාජේෂ් නමැති හිටපු හමුදා සාමාජිකයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබිණි.
කෙසේවෙතත් අනතුරුව සැකකරුවන් අතුරුදන්ව තිබූ අතර ඔවුන් සොයාගැනීමට පොලිසිය දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වී තිබේ.
අපරාධය සිදුවන විට සැකකාර හිටපු හමුදා සාමාජිකයන් දෙදෙනා පත්න්කොට් හි සේවයේ යොදවා ඇතැයි පැවසේ.
කෙසේවෙතත් වසර 19 කට පසු ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් සැකකරුවන් දෙදෙනා පුදුචේරිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්ඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා විෂ්ණු සහ ප්‍රවීන් කුමාර ලෙස ව්‍යාජ නම්වලින් පෙනීසිට ඇති අතර, ගෘහ අලංකරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් ජීවත් වී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම සැකකරුවන් දෙදෙනා පුදුචේරි හි පාසල් ගුරුවරියන් දෙදෙනෙකු සමග විවාහ වී ඇතැයි ද පොලිසිය පවසයි.
විමර්ශන කණ්ඩායම දිවිල් කුමාර් සහ රාජේෂ්ගේ පැරණි ඡායාරූප ස්කෑන් කිරීම සඳහා මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහිත නවීන මෙවලම් සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කළ බව කේරළ පොලීසිය පවසයි.
එම තාක්ෂණය මගින් විමර්ශන නිලධාරීන් සැකකරුවන්ගේ කොණ්ඩා මෝස්තර සහ වයසට යෑමේ ලක්ෂණ බහුවිධ රටා සමඟින්, අවුරුදු 19කට පසු සැකකරුවන් දෙදෙනා කෙබඳු වනු ඇත්ද යන්න පිළිබඳ ඡායාරූප නිර්මාණය කර තිබේ.
සමාජ මාධ්‍ය පැතිකඩ හරහා මුහුණු හඳුනාගැනීමේ මෙවලම් ක්‍රියාත්මක කිරීමෙන් පසු, ඔවුන් ෆේස්බුක් ගිණුමක තිබූ මංගල ඡායාරූප කිහිපයක් සමඟ 90% ගැලපීමක් සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart