
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශියකයන් ත්‍රිරෝද රථ පැදවීම නීතිවිරෝධී බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් විසින් කරන ලද ප්‍රකාශය ත්‍රිරෝද රථ කුලියට දීමේ සමාගම් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, විදේශීය සංචාරකයන් ත්‍රිරෝද රථ භාවිත කරන ආකාරය නිරීක්ෂණය කර ඇති බව සහ එය සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවයි.
ඒ සඳහා ත්‍රිරෝද රථ හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ද ගෙන ඇති බව ඔහු පැවසුවේය.
කෙසේවෙතත් එම කර්මාන්තයේ නියෝජිතයන් පවසන්නේ, පොලිස් ප්‍රකාශය සාවද්‍ය බවත් විදේශීය සංචාරකයන්ට රට තුළ වාහන පැදවීම පාලනය කරන දිගුකාලීන නීතිවලට පටහැනි බවත්ය.
ශ්‍රී ලංකාව 1957 සිට මාර්ග ගමනාගමනය පිළිබඳ 1949 ජිනීවා සම්මුතියට අනුගත පාර්ශවයක් බවත්, මෝටර් රථ (සම්මුති) ආඥා පනත යටතේ නිකුත් කරන ලද 1958 ගැසට් පත්‍රය හරහා එහි විධිවිධාන දේශීය නීතියට ඇතුළත් කර ඇති බවත් ඔවුහු සඳහන් කරති.
මෙම නීති රාමුව යටතේ, වලංගු අන්තර්ජාතික රියදුරු බලපත්‍රයක් (IDP) ඇති විදේශීය ජාතිකයන්ට, සත්‍යාපනය කර ලංකා මෝටර් රථ සංගමය (AAC) විසින් ආවරණ බලපත්‍රයක් සමඟ අනුමත කළ පසු, ත්‍රිරෝද රථ ඇතුළු ශ්‍රී ලංකාව තුළ වාහන ධාවනය කිරීමට අවසර දෙන බව ද ඔවුහු පෙන්වාදෙති.
මෙම ක්‍රියාවලිය දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් එය අඛණ්ඩව පිළිගෙන ඇති බවත් ඔවුහු පවසති.
එබැවින් පොලිසිය සිදුකළ ප්‍රකාශය විදේශීය සංචාරකයන් අතර අනවශ්‍ය ව්‍යාකූලත්වයක් ඇති කර ඇති බවත් එය ඔවුන්ගේ ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපා ඇති බවත් සමාගම් තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart