
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය මෙරට නීතියේ ආධිපත්‍යයට මෙන්ම අධිකරණ ක්‍රියාවලියට එල්ල කරන ලද සෘජු තර්ජනයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල චෝදනා කරයි.
පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙය අහඹු ප්‍රකාශයක් නොව රටේ විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා සංවිධානාත්මකව සිදුකරන ලද්දක් බව රජය විශ්වාස කරන බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න, අල්ලස් කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක සහ අගවිනිසුරුවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉලක්ක කරගනිමින් මීට පෙරද මෙවැනි ප්‍රකාශ සිදුකර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙය දූෂණය, වංචාව සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධ විමර්ශන වැළැක්වීමේ උත්සාහයකි.
මෙම තර්ජනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඊට අදාළව දැනටමත් ප්‍රකාශ සටහන් කරගනිමින් විමර්ශන ආරම්භ කර ඇත.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් මෙම ප්‍රකාශය තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරන බවත්, එමඟින් ආධාරකරුවන් නීති විරෝධී ක්‍රියාවන්ට පෙළඹවීමේ අවදානමක් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපතිවරයා කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇති කිරීමත්, රජය කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීමත් මෙම ප්‍රකාශවල ප්‍රධාන අරමුණ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
රාජකාරි ඉටුකරන නිලධාරීන්ට තර්ජනය කරන හෝ මහජනතාව කුපිත කරවන ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව පැවසූ අමාත්‍යවරයා, පසුගිය පාලන සමයන්හි මෙන් විමර්ශන අත්හිටුවීමට ඉඩ නොදෙන බවත්, නීතියේ ආධිපත්‍යය සුරකිමින් විමර්ශන කාර්යක්ෂමව ඉදිරියටම ගෙනයන බවත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart