
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස ඩ්‍රෝන කැමරාවකින් අග්බෝ ඇතාගේ සමීප ඡායාරූප ලබාගැනීමට උත්සාහ කළ තරුණයන් සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහ ඔවුන්ගේ ඩ්‍රෝන කැමරාව තිරප්පනේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
එක් පාදයකට වෙඩි වැදී තුවාල ලබා සිටි අග්බෝ වනජීවී දෙපාර්තමේන්තු ශල්‍ය වෛද්‍යවරුන්ගේ රැකවරණය යටතේ ප්‍රතිකාර ලබාදී මුදාහැර ඇති අතර, මේ වන විට ඇතා තිරප්පනේ ප්‍රදේශයේ නිතර ගැවසේ.
සැකකරුවන් මහව, මීතොටමුල්ල, කුඹුක්වැව, අනුරාධපුර කුරුන්දන්කුලම සහ ගම්පහ බුත්පිටිය දකුණ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
තිරප්පනේ අහසේ සැකකටයුතු ඩ්‍රෝන යානයක් දැකගත හැකි වූ බවට මහජනතාවගෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශය හරහා ලද තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් ඇත.
සැකකරුවන් භාවිත කළ ඩ්‍රෝන කැමරාව මහව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් සැකකරුවන් ඩ්‍රෝන කැමරාවක් භාවිත කරමින් එම ප්‍රදේශයේ ඡායාරූප ගැනීමට අදාළ බලධාරීන්ගෙන් අවසර ලබාගෙන නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart