
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොල්ගොල්ල ජලාශය හරහා ජලය ලබාගන්නා පවුල් ලක්ෂයකට පමණ එළැඹෙන 28 හා 29 දිනවල ජලය ලබාදීමට හැකියාවක් නැති බව මහවැලි අධිකාරිය නිවේදනය කර තිබේ.
වසර දෙකකට පසු පොල්ගොල්ල ජලාශයේ සිදුකිර්මට නියමිත නඩත්තු හා මෙහෙයුම් කටයුතු හේතුවෙන් මෙම දින දෙකේදී එම ජලාශය හිස් කිරීම නිසා මෙසේ ජලය ලබාදිය නොහැකි බව මහවැලි අධිකාර්ය සඳහන් කර ඇත.
අලුත්වැඩියාව හේතුවෙන් මහනුවර සහ පොල්ගොල්ල ජල පවිත්‍රාගාරවලට ජලය සැපයීමක් සිදුනොකරන, නමුත් එම කරුණු පිළිබඳව අදාළ ප්‍රදේශවල ජනතාව දැනුවත් කර ඇති බවත්, අත්‍යවශ්‍යම ස්ථානවලට බවුසර් මඟින් ජලය ලබාදීම සිදුකරන බවත් මධ්‍යම උතුර ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart