November 6, 2026

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක්’ බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම පක්ෂයේ පාර්ශව කිහිපයක් මැතිවරණ කොමිසමට ගෙන්වා, ඒ සම්බන්ධයෙන් අදහස් විමසූ බව එම කොමිසම ප්‍රකාශ කරයි.

එම කඳවූ පාර්ශව අතරට, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක ඇතුළත් වන බව පැවැසේ.

අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයකට ඉදිරි මැතිවරණයකට නාමයෝජනා භාරදීමට හැකියාවක් නැත.

අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක්, මැතිවරණයකට පෙර මැතිවරණ කොමිසමට පැමිණ එම අර්බුදය විසඳාගත යුතුය.

එලෙස අර්බුදය විසඳා නොගන්න දේශපාලන පක්ෂයකට, ඉදිරි මැතිවරණ සඳහා නාමයෝජනා ලබාගැනීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන්ද අනුගමනය කරනුයේ එම ක්‍රියාවලියම බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.