
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් අමාත්‍යාංශයේ නවතම දත්තවලට අනුව 2026 වසරේ පළමු මාස හය තුළ මත්පැන් නිෂ්පාදනය සියයට 13.3 කින් ඉහළ යාම සහ සුරාබදු ගෙවීමේ වේලාවන් සම්බන්ධයෙන් හඳුන්වා දුන් නව රෙගුලාසි හේතුවෙන්, මත්පැන් සඳහා වූ සුරාබදු ආදායම රුපියල් බිලියන 137.5 දක්වා 27.1% ක සැලකිය යුතු වර්ධනයක් අත්කර ගෙන ඇත. පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ සුරාබදු ආදායම රුපියල් බිලියන 108.2 ක් විය.
පසුගිය වසරේ පළමු භාගයේදී මත්පැන් නිෂ්පාදනය ලීටර් මිලියන 17.4 ක් ලෙස සටහන් වූ අතර, මෙවර එය ලීටර් මිලියන 19.7 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, මත්පැන් නිෂ්පාදනය සඳහා සුරාබදු ගෙවීමේ කාලවේලාවන් වෙනස් කරමින් හඳුන්වා දුන් නව රෙගුලාසි, බලපත්‍ර ගාස්තු අය කිරීම සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම මෙලෙස රාජ්‍ය ආදායම වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බවයි. 2025 දෙසැම්බර් 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කරන ලද සුරාබදු නිවේදනයකට අනුව, වර්ෂික බලපත්‍ර ගාස්තු සහ ඇප තැන්පතු සංශෝධනය කර ඇති අතර, මෙම ක්ෂේත්රයට අලුතින් ප්‍රවේශ වන්නන් සඳහා එක්වරක් අය කෙරෙන නව ගාස්තුවක් ද හඳුන්වා දී ඇත.
ඒ අනුව ලීටරයකින් ලැබෙන ආදායම රුපියල් 6,221 සිට 12.2% කින් පමණ ඉහළ ගොස් රුපියල් 6,981 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙයින් පැහැදිලි වන්නේ සමස්ත ආදායම් වර්ධනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට පමණක් නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම බලපා ඇති අතර, ඉතිරි කොටස සඳහා ඒකකයකින් ලැබුණු ඉහළ ආදායම හේතු වී ඇති බවයි.
වසරේ පළමු මාස හයේ ආදායම් එකතු කිරීම, මුළු වාර්ෂික ආදායම් ඇස්තමේන්තුවෙන් සියයට 56.6 ක් ආවරණය කරයි. ඒ අනුව, වසරේ දෙවන භාගය තුළ රැස් කර ගැනීමට ඉතිරිව ඇත්තේ රුපියල් බිලියන 105 ක පමණ මුදලක් වන අතර, එය පළමු භාගයේ ලැබූ ආදායමට වඩා 23.3% ක අඩුවීමකි.
එසේම, මෙම අර්ධ වාර්ෂික ආදායම, 2024 වසරේ දේශීයව නිෂ්පාදිත මත්පැන්වලින් උපයාගත් මුළු සුරාබදු ආදායම වන රුපියල් බිලියන 213.4 න් සියයට 64.4 කට සමාන වේ. 2024 වසරේදී වාර්තා වූ සමස්ත සුරාබදු ආදායම වන රුපියල් බිලියන 562.7 න් සියයට 24.4 ක පංගුවක් හිමි වූයේ මත්පැන් සඳහා අය කෙරුණු සුරාබදුවලටය.
කෙසේ වෙතත්, පළමු කාර්තුවෙන් පසුව ආදායම් රැස්කිරීමේ යම් මන්දගාමීත්වයක් දක්නට ලැබුණි. පළමු කාර්තුවේදී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 70.4 ක ආදායමක් වාර්තා කර තිබූ අතර, එය ඊට පෙර වසරට වඩා 114.8% ක දැවැන්ත වර්ධනයකි. නමුත් දෙවන කාර්තුවේදී (අප්‍රේල් සිට ජූනි දක්වා) වාර්තා වී ඇත්තේ රුපියල් බිලියන 67.6 ක ආදායමක් වන අතර, එය පළමු කාර්තුවේ ආදායමට වඩා 4% ක පමණ සුළු අඩුවීමකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart