
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් බිලියන 190 ක මුදලක් නීති විරෝධී ලෙස විදේශ රටවලට යවන ලදැයි කියන සිද්ධියකට අදාළව ජිෆ්රි මොහොමඩ් නමැත්තා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන නොවැම්බර් 12 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය.
මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, බන්ධනාගාර නිලධාරීන් විසින් පළමු සහ අටවන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පළමු සහ අටවන සැකකරුවන්ට ඇප ලබාදීමට එරෙහිව සිය විරෝධතා ඉදිරිපත් කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම ආනයන හා අපනයන ගනුදෙනු සම්බන්ධයෙන් දැනට සිදුවෙමින් පවතින විමර්ශනවලට අවශ්‍ය අවසාන තක්සේරු වාර්තා සහ අනෙකුත් අදාළ ලේඛන ලබාගැනීමට පියවර ගනිමින් සිටින බවත්, ඒවා අධිකරණයට ඉදිරිපත් කරන බවත් විමර්ශන නිලධාරීහු වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසූහ.
අදාළ සමාගම් පිහිටුවීමට සහ ඒවායේ පදනම දැමීමට දායක වූ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවත්, එම ප්‍රකාශ ද අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් නිලධාරීහු ප්‍රකාශ කළහ.
පළමු සැකකරු වන ජිෆ්රි මොහොමඩ් සහ අටවන සැකකරුගේ සම්බන්ධතාවය පිළිබඳව විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බව පැවසූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්, පරීක්ෂණයට ලක්ව ඇති සමාගම් සහ බැංකු නිලධාරීන් අතර යම් සම්බන්ධයක් පවතීද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත්, ඊට අදාළ ප්‍රකාශද අධිකරණයට ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇප ලබාදීම පිළිබඳ නියෝගය නොවැම්බර් 12 වනදා ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කළේය.
ඒ අනුව, අදාළ සැකකරුවන් දෙදෙනා නොවැම්බර් 12 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart