
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ සුරක්ෂිත පරිසරයක් ඇති කිරීමට නොහැකි වුවහොත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසයි.
දිනෙන් දින ඉහළ යන අපරාධවලට පිළියම් යෙදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටී.
අවම වශයෙන් මාසයක් ඇතුළත රටේ සුරක්ෂිත පරිසරයක් සහතික කිරීමට ඇමැතිවරයාට නොහැකි නම් ඔහු ඉල්ලා අස්විය යුතු බවද එල්ලාවල මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
“රටේ මනුස්සයෙකුට පාරට බැහැලා යන්න බයයි, කොයි වෙලේ, කොයි මොහොතේ කොයි තැන මැරෙන්න වෙයි ද දන්නේ නැති නිසා. ටිරාන් අලස්ට පැහැලිව කියනවා මාසයක් යන්න කලින් ඔබතුමාගේ නායකත්වය පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න පුළුවන් විශ්වාසනීය තැනකට රට ගේන්න ඕනේ. එහෙම බැරිනම් ඉල්ලා අස්වෙන්න ඕනේ. ඉල්ලා අස්වුණේ නැත්නම් අපි මේ වෙනකොටත් පසුවෙල මන්ත්‍රීවරු, පක්ෂ විපක්ෂ සියලුදෙනා සාකච්ඡා කරගෙන යනවා අනිවාර්යයෙන්ම විශ්වාසභංගයක් ගෙනල්ලා තනතුරෙන් අයින් කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart