
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නොරොච්චෝලේ බලාගාරයේ ගල්අඟුරු සංචිත අවම වීමත් සමඟ එහි විදුලි උත්පාදන කටයුතු සීමාකිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
කෙසේවෙතත්, මේ දිනවල ප්‍රමාණවත් පරිදි ජල විදුලි උත්පාදනය සිදුකරන බැවින් දිවයිනේ විදුලි සැපයුමට කිසිදු බාධාවක් එල්ල වී නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ගල් අඟුරු රැගත් පළමු නෞකාව හෙට (04) දිනයේත්, දෙවැනි නෞකාව ලබන 12 වැනි දිනත් දිවයිනට ළඟාවීමට නියමිත බවයි.
එම නෞකාවලින් ගල් අඟුරු ගොඩබෑමෙන් පසු යථා පරිදි විදුලි නිෂ්පාදනය ආරම්භ කරන බැවින්, විදුලි කප්පාදුවක් ගැන අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් පසු ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ වෙනස්ම අදහසක් පළ කරමින් කියාසිටියේ, ගල්අඟුරු සංචිත හිඟකම නිසා රටේ විදුලි උත්පාදනය මේ වන විටත් බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවයි.
එමෙන්ම ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුනොකරන ලෙස ද ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart