
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ විදේශීය නිෂ්පාදිත විද්‍යුත් සිගරට් (E-Cigarettes) 130ක් සමඟින් 26 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර නාවික විධානයට අයත් ‘ශ්‍රී ලංකා නාවික නෞකා රංගල’ ආයතනයේ නාවික හමුදා නිලධාරීන් සහ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, සෝදිසි මෙහෙයුම අතරතුරදී ඔහු සතුව තිබූ මෙම විද්‍යුත් සිගරට් තොගය මෙන්ම ඊට යොදාගත් මෝටර් රථයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු, විද්‍යුත් සිගරට් තොගය සහ මෝටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart