
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙට්රල්, ඩීසල්, භූමිතෙල් මිල රුපියල් 50කින් පහත හෙළීමට හැකි බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කරයි.
රජය සෑම ඉන්ධන ලීටරයකින්ම සියයට 06ක ශුද්ද ලාභයක් ලබන බවත්, ආණ්ඩුව කළ යුත්තේ ජනතාවට සහන ලබාදීම බවත්, ඔහු පවසයි.
මිල සූත්රයක් බව පවසමින් විටින් විට මිල වැඩි කරන බවත්, මේ හේතුවෙන් තරගකාරී වෙළෙඳපොළට පැමිණ සිටින විදෙස් ඉන්ධන සමාගම්ද අසීමිත ලාභයක් උපයන බවත්, හෙතෙම පෙන්වාදෙයි.
මීට ඉහතදී ආණ්ඩුව ඉන්ධන අලෙවි කළේද පිරිවැය ආවරණය කරමින් වන අතර, මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කළු කඩයක් බවට පත්ව ඇතැයි ඔහු පවසයි.
ඩීසල් මිල අසීමිත ලෙස ඉහළ යෑම මෙරට ප්රවාහන ඇතුළු භාණ්ඩ සේවා මිල ඉහළ යෑමට ප්රධාන හේතුව බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart