
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිකරණ නිලධාරීන් විසින් ගෙවියයුතු පෞද්ගලික ආදායම් බද්ද පැනවීම වළක්වන ලෙස ඉල්ලා අධිකරණ නිලධාරීන්ගේ සංගම් ගොනුකළ පෙත්සම් තුනක් අභියාචනාධිකරණය බහුතර තීන්දුවකින් ප්‍රතික්ෂේප කර තිබේ.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් එළැඹුණු තීරණයකදී බදු පැනවීම සහ ඒවායේ ප්‍රතිශත තීරණය කිරීම ව්‍යවස්ථාදායකයේත් විධායකයේත් වගකීමක් බව තීරණය වී ඇත.
පෙත්සම්කරුවන් අතර මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති නාමල් බණ්ඩාර බලල්ලේ සහ එහි ලේකම් සුජීව නිශ්ශංකද වූහ.
ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ කම්කරු අධිකරණ සභාපතිවරුන්ගේ සංගමය විසින් මෙම පෙත්සම් තුන ගොනුකර තිබිණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න සහ ඩී.එන්.සමරකෝන් යන විනිසුරුවරුන්, පෙත්සම්කරුවන් ඉල්ලා සිටි සහනය ලබාදිය යුතු බව පැවසූ අතර, සෝභිත රාජකරුණා, විනිසුරු මේනකා විජේසුන්දර සහ විනිසුරු නීල් ඉද්දවල එම අයදුම්පත ප්‍රතික්ෂේප කළ යුතු බව ප්‍රකාශ කළහ.
2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධිත) පනතේ විධිවිධාන අර්ථකථනය කිරීමේදී අධිකරණ නිලධාරීන් පෞද්ගලික ආදායම් බද්ද ගෙවීමට යටත් වන පරිදි අදාළ වගන්ති අර්ථකථනය කර නොමැති බව විනිසුරු කරුණාරත්න ප්‍රකාශ කළේය.
රාජකරුණා විනිසුරුවරයාගේ තීන්දුවට විජේසුන්දර විනිසුරුවරයා සම්පූර්ණයෙන් එකඟ වූ අතර ඉද්දවල විනිසුරුවරයා එම තීන්දුවට එකඟ වුවද වෙනම තීන්දුවක් දුන්නේය.
රාජකරුණා විනිසුරුවරයා කියා සිටියේ අධිකරණ නිලධාරීන්ගේ බදු ප්‍රශ්නය අධිකරණය විසින් විභාග කිරීම සදාචාරාත්මක නොවන බැවින් එය නරක ආදර්ශයක් වනු ඇති බවයි.
අධිකරණ නිලධාරීන්ගේ වැටුප් පිළිගත හැකි ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවට එකඟවන බැවින් එම කරුණු සම්බන්ධයෙන් අධිකරණය තීරණය කිරීම සුදුසු නොවන බව ඔහු ප්‍රකාශකර තිබිණි.
ව්‍යවස්ථාදායකය සහ විධායකය අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු බවත් අධිකරණයේ ගෞරවයට හානියක් විය හැකි කරුණු සම්බන්ධයෙන් තීන්දු තීරණ නොගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart