
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයන්ට ලබාදෙන ආහාරපානවල ගුණාත්මකභාවය පහත වැටී ඇති බවට සේවකයෝ චෝදනා කරති.
මේ හේතුවෙන් සේවක සේවිකාවන් විශාල පිරිසක් ඊයේ සහ පෙරේදා දිවා ආහාරය නොගෙන පිටව ගොස් ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව දූපතක පිහිටි ආයතනයක් බැවින් සේවකයන්ට වෙනත් ස්ථානයකින් ආහාර ලබාගැනීමට අවස්ථාවක් නොමැති බවත්, ආරක්ෂක හේතූන් මත නිවෙස්වලින් ආහාර රැගෙන ඒමටද අවසර නොමැති බවත් ඔවුහු පෙන්වාදෙති.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ ආහාරපාන හා ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සඳහන් කර ඇත්තේ මූල්‍යමය ගැටලු හේතුවෙන් ආහාරපාන සැපයීම යම් ප්‍රමාණයකට සීමාකිරීමට සිදුව ඇති බවයි.
පාර්ලිමේන්තුවේ ආපනශාලා පහක් ක්‍රියාත්මක වන අතර, මෙම චෝදනා ප්‍රධාන වශයෙන් එල්ල වී ඇත්තේ සාමාන්‍ය සේවකයන් සඳහා වෙන්කර ඇති ආපනශාලාවේ ආහාරපාන සම්බන්ධයෙනි.
(උපුටාගැනීම – රතු ඉර පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart