
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ සංවර්ධන ජයග්‍රහණ ඉස්මතු කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනප්‍රිය ‘Grand Theft Auto’ (GTA) වීඩියෝ ක්‍රීඩා තේමාව භාවිත කරමින්, රටේ අතීතය සහ වර්තමානය සංසන්දනය කෙරෙන වර්ණවත් චිත්‍ර මාලාවක් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
‘X’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කර ඇත්තේ, “ඉන්දියාව සම්පූර්ණයෙන්ම අලුත් ක්‍රීඩාවක් ක්‍රීඩා කරමින් සිටී!” යනුවෙනි. යටිතල පහසුකම්, දරිද්‍රතාව අඩු කිරීම, සනීපාරක්ෂාව, ඩිජිටල් සම්බන්ධතාව සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු අංශ රැසක ප්‍රගතිය මෙම GTA ආභාසය ලැබූ ග්‍රැෆික් චිත්‍ර මගින් නිරූපණය කෙරේ.
“එදා සහ අද” ආකෘතියෙන් ඉදිරිපත් කර ඇති මෙම චිත්‍ර මගින්, එම ව්‍යාපාරය විසින් “බිඳෙනසුලු ආර්ථික පහ” ලෙස හඳුන්වනු ලැබූ තත්ත්වයේ සිට ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකයන්ගෙන් එකක් දක්වා ඉන්දියාව ලැබූ පරිවර්තනය පෙන්වා දෙයි.
එක් චිත්‍රයකින් අන්ත දරිද්‍රතාව 27% සිට 2.6% දක්වා අඩු වී ඇති බව පෙන්වා දෙන අතර, තවත් චිත්‍රයකින් කියැවෙන්නේ ‘ස්වච් භාරත්’ මෙහෙයුම යටතේ සනීපාරක්ෂක ආවරණය 39% සිට 100% දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තිය ද මෙම ව්‍යාපාරය හරහා ඉස්මතු කරන අතර, සූර්ය බල ධාරිතාව ගිගාවොට් 2.82 සිට ගිගාවොට් 175 දක්වා ඉහළ ගොස් ඇති බව එහි සඳහන් වේ.
ප්‍රවාහන ක්ෂේත්‍රය යටතේ, දුම්රිය විදුලිබලකරණය 20% සිට 99.6% දක්වා ඉහළ නැංවීම ඇතුළු ඉන්දීය දුම්රිය සේවයේ නවීකරණය මෙම චිත්‍රවලින් පෙන්වා දෙයි. ඩිජිටල් සම්බන්ධතාවයේ ව්‍යාප්තිය කෙරෙහි අවධානය යොමු කරන තවත් චිත්‍රයකින්, 3G යුගයේදී ජිගාබයිට් එකක් (1GB) සඳහා ඉන්දීය රුපියල් 308ක් වූ අන්තර්ජාල දත්ත ගාස්තු, 5G සම්බන්ධතාව යටතේ ජිගාබයිට් එකක් සඳහා ඉන්දීය රුපියල් 7.51ක් දක්වා අඩු වී ඇති ආකාරය සංසන්දනය කර තිබේ.
වර්ධනය වෙමින් පවතින ඉන්දියාවේ ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රය ද මෙහි අන්තර්ගත වන අතර, පෙර පැවති ආරක්ෂක ආනයන මත යැපීමේ තත්ත්වයේ සිට මේ වන විට රටවල් 80කට අධික සංඛ්‍යාවකට ආරක්ෂක උපකරණ අපනයනය කරන රටක් බවට පත්වීම එමගින් ඉස්මතු කරයි.
එමෙන්ම, මෙම චිත්‍ර මගින් රටේ අභ්‍යවකාශ වැඩසටහන ද අවධානයට ලක් කර ඇති අතර, සීමිත අභ්‍යවකාශ ගවේෂණ ජයග්‍රහණවල සිට වර්ධනය වන අභ්‍යවකාශ තාක්ෂණ සහ නව ව්‍යවසාය පරිසර පද්ධතියක් දක්වා ඉන්දියාව ලැබූ ප්‍රගතිය එහි නිරූපණය කෙරේ.
තරුණ ප්‍රේක්ෂකයින් වඩාත් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්, රජයේ සංවර්ධන කතාන්දරය ඉදිරිපත් කිරීම සඳහා මෙම GTA ආභාසය ලැබූ ව්‍යාපාරය මගින් එම වීඩියෝ ක්‍රීඩා මාලාවට සම්බන්ධ දෘශ්‍ය රූප භාවිත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart