
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සභාව තුළ උද්ගත වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් අද පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කථානායක ජගත් වික්‍රමරත්න පියවර ගත්තේය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයා ගත් තීරණයට විරෝධය පළ කරමින් විපක්ෂය විසින් සභා ගර්භය තුළ විරෝධතාවයක් පැවැත්වීමෙන් අනතුරුව එලෙස පාර්ලිමේන්තුව කල් තැබිණි.
විරෝධතාවයේ නිරත විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ ඊට අදාළ නීතිපති උපදෙස් සහ අනෙකුත් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.
සභානායක බිමල් රත්නායක මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට උත්සාහ කිරීමත් සමඟම උණුසුම් තත්ත්වයක් ඇතිවූයේ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඔහුගේ කතාවට බාධා කිරීමත් සමඟයි.
අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තබා සිය අසුනෙන් පිටව ගිය අතර ඉන් අනතුරුවද විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැද විරෝධතාවයක නිරත විය.
නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බවත්, එම යෝජනාව නියමිත ක්‍රියාපටිපාටියට නොමැති බවත්, පවතින ආකාරයෙන් එය පිළිගත නොහැකි බවත් කථානායකවරයා ඊයේ ප්‍රකාශ කිරීම මෙම විරෝධයට හේතු වී තිබේ.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ මේ වසරේ අගෝස්තු මාසයේදීය.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට ඔහුගේ සම්බන්ධය සහ උනන්දුව අතර පවතින මතභේද සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් මතු කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart