
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘පළිඟු මැණිකේ’ යනු ජාතික රූපවාහිනිය විසින් විකාශය කළ මෙරට ටෙලි නාට්‍යය වංශකතාව වෙනස්කළ නිර්මාණයකි.
විශේෂත්වය වන්නේ ‘පළිඟු මැණිකේ’ ජාතික රූපවාහිනියේ නාට්‍යය අංශය විසින්ම නිර්මාණය කිරීමයි.
සෝමවීර සේනානායක 1984දී රචනා කළ පිටපත ධම්ම ජාගොඩ ටෙලියක් ලෙස නිර්මාණය කර ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන්නේ 1985දී ය.
මෑත කාලීනවද කිහිප වතාවක්ම නැවත විකාශයන් කෙරුණු බැවින් ‘පළිඟු මැණිකේ’ නව තරුණ පරම්පරාවටද එතරම් ආගන්තුක නැත.
එසේ තිබියදී ජාතික රූපවාහිනියේ ෆේස්බුක් පිටුවට ‘පළිඟු මැණිකේ’ මෙන්ම එහි සුවිශේෂී චරිතයක් නිරුපණය කළ ජැක්සන් ඇන්තනිගේ චරිතය ආගන්තුක වීම කණගාටුවට සහ උත්ප්රාසයට කාරණයකි.
ජාතික රුපවාහිනියේ ෆේස්බුක් පිටුවේ ජැක්සන් වෙනුවෙන් තබා ඇති සටහනක ඇත්තේ, “සූරසේන ආයෙ ඔබව කවදා දකින්නද?” ලෙසය.
‘පළිඟු මැණිකේ’ ටෙලියේ සූරසේන යනු ශ්‍රියන්ත මෙන්ඩිස් ය. ජැක්සන් එහි නිරුපණය කරන්නේ ‘විජේපාල’ගේ චරිතයයි.
කවුරුන් හෝ බැණ අඬගැසීමකින් පසුව දැන් මේ ෆේස්බුක් පොස්ටුව ගලවා ඇත. එහෙත් ගලවන්නට කළින් බොහෝදෙනෙක් එය දුටු බව විශ්වාස ය.
මෙය වෙනකෙක් කළා නම් අත්වැරදීමක් ලෙස සළකා සිනාසී නිකං ඉන්නට හැකියාව ඇත.
එහෙත් ජාතික රුපවාහිනියට ‘පළිඟු මැණිකේ’ සහ ‘ජැක්සන්’ පැටළීම මාරාන්තික වරදකි.
තොත්ත බබාලා සිදුකරන පන්නයේ වරදකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart