
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ නැගෙනහිර බොන්ඩි හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක ඉකුත් දා සිදුවූ පිහි ඇනුමින් මියගිය පුද්ගලයන් අතර ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ සිටි පුද්ගලයෙකු ද වන බව වාර්තා වෙයි.
ඔහු පාකිස්තාන ජාතික සරණාගතයෙක් බව අනාවරණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බොන්ඩි, වෙස්ට්ෆීල්ඩ් හි ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ 30 හැවිරිදි එම පාකිස්තාන ජාතිකයා ඉකුත් සෙනසුරාදා සිදු වූ බිහිසුණු පිහි ඇනුමින් මියගිය එකම පිරිමි පුද්ගලයා බවට හඳුනාගෙන ඇත.
ඝාතනයට ලක්වන විට 30 හැවිරිදි වියේ පසුවූ ඔහු ෆරාස් තාහීර් නමැත්තෙකි.
ඔහුගේ මව්පියන් තවමත් පාකිස්තානයේ ජීවත් වන අතර, මියගිය තරුණයා පාකිස්තානයේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ සිට වසරකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණ ඇතැයි අනාවරණ වී තිබේ.
“ෆරාස් ඕස්ට්‍රේලියාවේ අහමදියා මුස්ලිම් ප්‍රජාවේ වටිනා සාමාජිකයකු පමණක් නොව අහමදියා මුස්ලිම් තරුණ සංවිධානයේ පුණ්‍ය කටයුතු සඳහා ක්‍රියාකාරීව දායක විය” යනුවෙන් අහමදියා මුස්ලිම් තරුණ සංවිධානය පවසයි.
ඉකුත් සෙනසුරාදා සිදුවූ එම ඛේදජනක සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ හයදෙනෙකුගෙන් තිදෙනකුගේ අනන්‍යතාව හඳුනාගෙන ඇත.
මියගිය පිරිස අතර 25 හැවිරිදි තරුණියක සිටින අතර ඇය සිඩ්නි නුවර ව්‍යාපාරිකයකුගේ දියණියක බව පැවසේ.
එම පිහි ඇනුම් සිද්ධියෙන් තුවාල ලැබූ කුඩා දැරියක් සිඩ්නි ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart